ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍යවරුන් අද (24) දිවයිනේ සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.
එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ අද උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
රෝහල් බොහෝමයක් වර්ජනයට දායක් වූවද, මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දායක නොවන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.